
අවශ්‍ය ද්‍රව්‍ය :-
1. තම්බා ගත් පාන් පිටි 750g
2. ගාගත් පොල් ගෙඩියක්
3. පැණි කෝප්ප 1
4. තලාගත් කරදමුංගු ඇට 4-5
5. ලුණු ස්වල්පයක්
6. උණු වතුර
7. අඟල් 10×10 පමණ ඉටි කොළයක්
සාදන ක්‍රමය :-
තාච්චියක් ලිප මත තබා එය තුළට පැණි දමා හොඳින් උණු කරගන්න.පැණි හොඳින් රත් වූ පසු එයට ගාගත් පොල් එක් කරගෙන කලවම් කරගන්න.
භාජනයක් ගෙන එයට පිටි,ලුණු හා උණු වතුර එක්කර ඉඳි ආප්ප සෑදීමට යොදාගන්න පදමට අනාගන්න ඉන්පසු ඉඳි ආප්ප වංගෙඩියක් ගෙන අනාගත් පිටි මිශ්‍රණය එය තුළට දමා ගන්න
ඉටි කොළයක් ගෙන පසෙකින් තබා ඉඳි ආප්ප වංගෙඩියකින් පිටි ඒ මතට දමා ඉඳිආප්පයට වඩා මදක් විශාලව සකසා ගන්න.
දැන් එය මැදට කලින් සාදාගත් පොල් පැණි එක් කර ඉටි කොළය දෙකට නවාගන්න. දැන් ඉටි කොළය ඉවත් කර සාදා ගත් ලැවරිය ඉඳි ආප්ප තට්ටුවක් මත තබා ස්ටීමරයෙන් තම්බා ගන්න.