යෝගට් හදමු
අපි බලමු ඒකට මොනවද ඕන කරන්නේ කියලා.
1.පිරිසිදු එළකිරි
2.යෝගට් ටිකක්
3.සීනි ටිකක්
4.ජෙලටින්
5.කිරි රත් කිරීමට භාජනයක්
6.කෝප්ප
දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා.
ඔයගොල්ලෝ එළකිරි ටික භාජනයකට දාලා සෙල්සියස් අංශක 88 ත් 95 ත් අතර උෂ්ණතවයක් යටතේ විනාඩි 15ක් 30ක් විතර රත් කර ගන්න.
ඊටපස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේකේ යොදය අයින් කරන එක.රත් වෙච්ච කිරි එක උඩින් පොඩි හැන්දක් පාවිච්චි කරලා සූරලා යොද අයින් කරන්න පුළුවන්.
දැන් ඔයගොල්ලෝ ඕකට ඔයාලට අවශ්‍ය තරමට සිනියි ජෙලටිනුයි දාගන්න.
දැන් සෙල්සියස් අංශක 60 දි විතර කිරි එකට යෝගට් ස්වල්පයක් (මුහුම්)දාගෙන මිශ්‍ර කරන්න.
දැන් ඔයාලා ඔයාලාගේ කෝප්ප වලට මේ මිශ්‍රණය පුරවගන්න.
දැන් මේ මිශ්‍රණය සෙල්සියස් අංශක 40 ත් 45ත් අතර උෂ්ණත්වයක පැය හයක් හතක් ගබඩා කරන්න.
දැන් ඔයාලා ඔය කෝප්ප වහලා ශීතකරණයේ තියන්න.
