රසවත් ආකාරයට වැලිතලප හදන හැටි
රසවත් ආකාරයට වැලිතලප සාදාගන්නා ආකාරය පිළිබඳව මෙහිදී පැහැදිලි කරනු ලැබේ.මෙය සාදා ගැනීම සඳහා
අවශ්‍ය ද්‍රව්‍ය :-
1.හාල් පිටි 500g
2.පොල් ගෙඩියක්
3.පැණි කෝප්ප 1
4.අවශ්‍ය නම් සීනි
5.එනසාල් ( කරදමුංගු)
6.ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය:-
• පිටි,ලුණු,ගාගත් පොල් හා අවශ්‍ය පමණට ජලය ගෙන භාජනයකට එක් කර හොඳින් පිටි කැටි වනතුරු අනාගන්න.(කැට කැට සිටින ලෙස)
• ස්ටීමරයක් ගෙන ලිප මතින් තබා ගින්දර දමා ගන්න.
• දැන් පිරිසිදු පොප්ලින් වැනි රෙදි කැබැල්ලක් ගෙන, කැටි කර ගන්නා ලද පිටි මිශ්‍රණය එය මත තබා රෙදි කැබැල්ලේ කොන් හොදින් නොගැලවෙන සේ ගැට ගසාගන්න.
• ලිපෙහි තැබූ ස්ටීමරය තුළ එය තබන්න.මිනිත්තු 30 ක් පමණ (පිට්ටුවක් තැම්බීමට ගත වන කාලය) තබා ලිපෙන් බාගන්න.නැවත ලිපෙන් බාගත් පිට්ටුව පොඩි කරගන්න.
• දැන් සාස්පානක් හෝ තාච්චියක් වැනි දෙයක් ලිප මත තබා එයට පැණි හා අවශ්‍ය නම් සීනි ටිකක් එක් කර හැඳි ගාමින් උණු කරන්න.කැමති නම් ඔබට එනසාල් එක්කර ගත හැක.
• බුබුළු දමමින් හොඳින් රත් වූ පසු කලින් අප විසින් තම්බා ගන්නා ලද පිට්ටු මිශ්‍රණය එයට දමා හොඳින් කලවම් කර ගන්න.මතක් කරල මේ අවස්ථාවේදී ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න.
• හොඳින් කලවම් වූ පසු බන්දේසියකට දමාගෙන හොඳින් තුනී කරගන්න.දැන් එය කැබලි කපා ආහාරයට ගත හැකිය.