රසපිරි අඹ චට්නියක් හදමු

 

අද අපි හදන්න යන්නේ රස පිරි අඹ චට්නියක්.

         

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොඩියට කපාගත් පැහුණු අඹ ගෙඩි 3ක්
  2. විනාකිරි බෝතලයක් (පොඩි)
  3. සීනි ග්‍රෑම් 500
  4. ඉඟුරු ග්‍රෑම් 10
  5. සුදුළූණු ග්‍රෑම් 20
  6. මිරිස්කුඩු මේස හැඳි 2
  7. කරදමුංගු ග්‍රෑම් 2
  8. කරාබු නැටි 4-5
  9. කුරුඳු පොතු කෑල්ලක්
  10. ලුණු තේ හැඳි 1
  11. වියළි මිදි ග්‍රෑම් 25
        
දැන් අපි බලමු කොහොමද අඹ චට්නිය හදන්නේ කියලා.

  • මුලින්ම විනාකිරි කෝප්ප භාගයක් එක්ක කුළුබඩු ටික බ්ලෙන්ඩ් කරගන්න. තව විනාකිරි කෝප්ප භාගයක් එක්ක සීනි ටික දාලා ලිපේ තියන්න.

  • අඹ කෑලි ටික විනාකිරි, සීනි මිශ්‍රණයට දාගෙන හොඳට හැඳි ගාන්න. සාමාන්‍ය ගින්දරේ උකු ද්‍රාවණයක් වෙනකල් හැඳි ගාන්න.

  • දැන් මේකට වියලි මිදි හා බ්ලෙන්ඩ් කරගත් කුළුබඩු ටික දාගෙන තෙත ගතිය හිඳෙනකල් හැඳි ගාන්න.
  • වැඩි කාලයක් තියාගන්න නම් ජීවාණුහරණය කරපු බෝතල් වලට උණුවෙන්ම දාගෙන සීල් කරගන්න

Popular posts from this blog

රසවත් ආකාරයට වැලිතලප හදන හැටි

යෝගට් හදමු