දිය බත්වල රස විඳිමු
දැන් අපි බලමු අපිට ඕන වෙන්නේ මොනවද කියලා.
1.පෙර දින රාත්‍රියේ පිසින ලද බත්
2.ජලය
3.මැටි බඳුනක්
4.ගා ගත් පොල් මිටක්
5.ලූනු,අමු මිරිස් හා දෙහි
දැන් අපි දියබත් එක හදමු
ඕගොල්ලෝ කලින් දවසේ ඉතුරු වෙච්ච බත් ටික අරන් මැටි භාජනකට දාන්න.බත් උයල තිබුනේ මැටි භාජනයක නම් ඒකෙම තිබ්බට කමක් නැහැ.
දැන් ඒ බත් එකට බත් ටික වැහෙන සේ වතුර දාගන්න.
දැන් පහුවදා ඒ බත් එක අරගෙන වතුර පෙරාගන්න.
දැන් ඒ පෙරා ගත්තු එකෙන් මිරික ගත්තු පොල් කිරි ටික බත් එකට මිශ්‍ර කරන්න.බත් එකේ වතුර අයින් කරන්නේ නැතුව ඒකටම පොල් මිට දාන්නත් පුළුවන්.
ඒකට රතු ලූනු ,අමු මිරිස් හා දෙහි අවශ්‍ය ප්‍රමාණයට දමා ආහාරයට ගන්න.
